Films

Untitled Avengers film – The Avengers 4

ඔන්න ඉතින් අපේ යාලුවනේ මං අද ආවේ ෆිල්ම් එකක් ගැන තොරතුරු අරගෙනයි. Untitled Avengers film (තාම මේ ෆිල්ම් එකට නමක් නම් ප්‍රසිද්ධ කරල නැති නිසා)එහෙම නැත්නම්  The Avengers 4 කියන්නෙ ඉදිරියෙදී එන්න තියන Marvels Comics පාදක කරගෙන නිර්මාණය කරන  ඇමරිකානු වික්‍රමාන්විත චිත්‍රපටයකී. මං දන්නවා ඔයලා මෙයාලගෙ අනිත් ෆිල්ම්ස් නම් බලලා ඇති නැත්නම් ඒ  ගැන විස්තර දැනගැනීමට  මේ ලින්ක් එකට යන්න.

මේක නිෂ්පාදනය කරන්නේ Marvel Studios වන අතර distributor නම් ඉතින් Walt Disney studios Motion Pictures වේ. මේ ෆිල්ම් එක 2018 අප්‍රේල් මාසයේ ආව The avengers Infinity war එකේ දිගුවක් ලෙසයි Marvels ලා කියන්නේ. ඒවගේම ඉතින් මේ තමයි 22 වෙනි Marvels ෆිල්ම් එකයි. මෙහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නෙ Anthony හා Joe Russo වන අතර මෙහි පිටපත් රචකයින් ලෙස කටයුතු කරන්නෙ Christopher Markus හා Stephen McFeely වේ.

මේ ෆිල්ම් එක ගැන මුලින්ම MCU විස්තර කරන්නෙ 2014 ඔක්තෝම්බර් මාසයේදී වන අතර, 2015 අප්‍රේල් මාසයේදී මෙහි පිපත් රචකයා ප්‍රකාශ කරන්නෙ මෙහි නම Avengers: Infinity War – Part 2 කියලයි, නමුත 2016 දී Marvels විසින් මෙහි Film title එක ඉවත් කර දානවා. ඉතින් මේකේ Filming (අපේ වචනයෙන් කියුවනම් Shooting) පටන් අරගෙන තියෙනේ  Pinewood Atlanta Studios in Fayette County, Georgia 2017 අගෝස්තූ මාසයේදී වන අතර එය අවසන් වෙලා තියෙන්නෙ 2018 ජනවාරී මාසයෙදීය. ඉතින් තාම නමක් නැති වුණාට මේක Release වෙන්න තියෙන්නෙ නම් 2019 මැයි 03 වෙනිදායි.

About the Film Production

ඔයාලා දන්නවනේ The avengers : Age of Ultron  2015  release කරා කියලා මේකේ ප්‍රෝමොශන් කටයුතු වදී තමා මේ ගැන මුලින්ම තොරතුරු ලැබෙන්නනේ. ඒ අවස්ථාවේ ඔවුන් කියන්නේ නම් මීලග The Avengers කතාව ෆිල්ම්ස් 2කින් සමන්විත බවයි, ඒ The avengers – Infinity War part 1 -(Release date 2018 මැයි 4 ) හා The avengers – Infinity War part 2 (Release date – 2019 මැයි 3 ).Kevin Feige කියනවා 2015 දී මේ කතාව කොටස් දෙකකින් සමන්විතවන නිසයි මේ ලෙස ෆිල්ම් 2 කින් ඔවුන් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ කියලා.  Russos කියනවා මේ ලෙස නම් තැබුවොත් මෙය එකම ෆිල්ම් එක කොටස් වලට කැඩලා ෆිල්ම් එකක් නිර්මාණය කරා හා සමාන වන බව. මේ හේතුව සලකා බැලූ Marvels Company එක විසින් මේ නම 2016 දී ඉවත් කරනවා ඊට පස්සෙ තමයි මේක Untitled Avengers film ලෙස හදුන්වනේ . ඉතින් අධ්‍යක්ෂවරු කියන්නෙ මේ ෆිල්ම් එකේ නම මේවසර (2018) අගදී ලෝකයාට ප්‍රසිද්ධ කරනව කියලා.

මේකෙ Shooting කරල තියෙන්නෙ නම් The Gulch area of Downtown Atlanta. Feige කියන්න විදියට නම් මේ ෆිල්ම්ස් දෙකම එකට රූගත කිරීමටයි එයාල බලාපොරොත්තු වුනේ නමුත් එය කිරීම ටිකක් අමාරු වුණු නිසා එයාලා Avengers infinity War වලින් පස්සේ තමයි මෙහි රූගතකිරිම් පටන් අරගෙන තියෙන්නේ.මෙයිට අමතරව අවශ්‍ය රූගතකිරීම් ඒගොල්ලෝ මේ වනවිටත්  Edinburgh and Glasgow, Scotland වල කරගෙන යන බවයි අපට නම් ආරංචි වෙන්නේ.

ඉතින් අපි බලමු කවුද මේ අලුත් Avengers film එකට රංගණයෙන් දායක වෙන්නේ කියලා.

  1. Robert Downey Jr. as Tony Stark / Iron Man:
  2. Chris Hemsworth as Thor:
  3. Mark Ruffalo as Bruce Banner / Hulk:
  4. Chris Evans as Steve Rogers / Captain America:
  5. Scarlett Johansson as Natasha Romanoff / Black Widow
  6. Benedict Cumberbatch as Dr. Stephen Strange
  7. Don Cheadle as James “Rhodey” Rhodes / War Machine
  8. Tom Holland as Peter Parker / Spider-Man
  9. Chadwick Boseman as T’Challa / Black Panther
  10. Paul Bettany as Vision
  11. Elizabeth Olsen as Wanda Maximoff / Scarlet Witch
  12. Anthony Mackie as Sam Wilson / Falcon
  13. Sebastian Stan as Bucky Barnes / Winter Soldier
  14. Tom Hiddleston as Loki:
  15. Pom Klementieff as Mantis
  16. Karen Gillan as Nebula
  17. Dave Bautista as Drax the Destroyer
  18. Zoe Saldana as Gamora
  19. Gwyneth Paltrow as Virginia “Pepper” Potts
  20. Chris Pratt as Peter Quill / Star-Lord:
  21. Jeremy Renner as Clint Barton / Hawkeye
  22. Evangeline Lilly as Hope van Dyne / Wasp:
  23. Jon Favreau as Harold “Happy” Hogan
  24. Paul Rudd as Scott Lang / Ant-Man
  25. Brie Larson as Carol Danvers / Captain Marvel:

ඔන්න ඉතින් අද review එක, මං වගේමඔයාලත්ඉතින් මේක එනකල් බලගෙන ඉන්නෙ එහෙම නේද ??

Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබට අවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අප හා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ Email (nuwan@boonfair.lk) එකෙන් අප හා සම්බන්ධ වී අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 

එහෙනම් අදට මං ගියා, හැමෝටම ජය !!!


Best selling Products in Boonfair

Related posts

Leave a Comment