Sinhala Subtitles Uncategorized

The Jurassic World : Fallen kingdom Sinhala Subtitles

ඉතින් අපේ යාලුවනේ කොහොමද ? අපි නම් හොදින් . ඉතින් ඔන්න අද මන් අරගෙන ආවා Jurassic World : Fallen kingdom ෆිල්ම් එකේ සිංහල සබ්ටයිටල් එක. ඇත්තටම කියුවොත් මේ ෆිල්ම් සිරීස් එක අපි පොඩි කාලේ ගොඩාක් ආස කරපු ෆිල්ම් සිරිස් එකක් කියන එක නම් රහසක් නෙමේ. ඉතින් බලමු මේ ෆිල්ම් එක ගැන පොඩි ව්ස්තරයක්.

මේ ෆිල්ම් එක අයිති වන්නේ සයන්ස් ෆික්ෂන් ෆිල්ම් ගනයට වන අතර , 2015 දී ආපු ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම් එකෙ 2 වෙනි කොටස විදියටයි මේක එන්නේ. මෙක ඩිරෙක්ක් කරන්නේ J A Bayona වන අතර මෙය ප්‍රධාන ජුරාසික් පාර්ක් සිරිස් එකේ පස්වන ෆිල්ම් එක වේ. ඩර්ක් කොලින්ස් හා ජුරාසිස් වර්ල්ඩ් 2015 ෆිල්ම් එකේ ඩිරෙක්ට්ර්  Colin Trevorrow මෙම ෆිල්ම් එකේ රචකයන් විදියට කටයුතු කරනු ලබනවා. නිෂ්පාදන තනතුර හොබ වන්නේ Steven Spielberg වේ.

මේ ෆිල්ම් එක රූපගත කරලා තියෙන්නේ නම් එකසත් රාජධානියේ හා හවායි දූපත් වල වන අතර මෙය මුලින්ම එලිදක්වන ලද්දේ මැයි 21 2018 වන දා මැඩර්ඩ් වලදීය. මෙම ෆිල්ම් එක දැනට ඩොලර් බිලියන 1.2 ක ආදායමක් හිමිකරගෙන තිබෙන අතර එය 2018 අවුරුද්දේ වැඩිම ආදායම් ලබා ගත් 3 වන ෆිල්ම් එක වන අතර මුලු ඉතිහාසයේදී නම් 12 වන වැඩිම මුදල් ඉපයු ෆිල්ම් එක බවට පත් වෙලා තිබෙනවා.

කතාවෙන් බිදක්

2015 දී වුණු සිදුවීමෙන් පසුව ජුරාසික් ලා ඉන්න නගරයට කිසිම සංචාරක් යාමට කටයුතු කරන්නේ නෑ. ඉතින් මේ අතර ඔයාලට මතක නම් ජුරසික් පාර්ක් සිරීස් එකේ හිටපු ලොක්වර්ඩ් මහත්තයා. දැන් එයාගෙ වයස අවු. 80 ක් වන අතර ඔහුගේ කටයුතු බලා ගන්න මිල්ස්ට ඕනේ වෙනවා DNA සම් සම්පල් එකක් ගන්න T – Rex කියන ඩයිනෝසර් විශේෂයෙන්. ඒ සදහා ඔහූ පිරිසක් අයිසා නිබුලා වලට පිටත් කරලා හරින අතර මෙයින් තමයි මේ ෆිල්ම් එක ආරම්භ වෙන්නේ.

ඔයාලට මතක ඇති ඔවන් හා ක්ලයිර් ගැන ඒ දෙන්නා තමයි මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිත හොබ වන්නේ, 2018 දී ඇමරිකා භුපරීක්ෂකවරුන් විසින් US සෙනට් සභාවට දැනුම් දීමක් කරනවා. අයිසා නිබුලා දූපතේ තිබෙන ගිනි කදූ පුපුර ලාවා පිටාර ගැලීමට ඉතාම ආසන්න බැව්. ඉතින් සෙනට් සභාව මේ ගැන සාකච්ඡාවට ආරම්භ කරන අතර එයින් පසුව ඔවුන් තීරණය කරන්නේ ඩයිනෝසරයන් බේරා ගැනීමට කටයුතු නොකරන බවයි. මෙයට හේතුව විදියට ඔව්හුන් කියන්නේ ඒ සතුන් ඉතාම දරුණු සතුන් විශේෂයක් නිසා එය කීරීම ඉතාම අපහසු කාරණයක් වගේම ඔවුන්ට ජීවත් වීමට වෙනම ප්‍රදේශයක් ලබාදීමේ නොහැකියාව නිසා මේ ඉල්ලීම ප්‍රතික්ශේප කරන්න සිදු වෙනවා කියලා.

මේ ක්ලයර්  හා ඔවන් 2015 දී මේ ඩයිනෝසරයන් එක්ක ඉදපු නිසා ක්ලයර් මේ ගැන ගොඩාක් පසු තැවිමෙන් ඉන්නවා, මේ අතරතුරේදී ලොක්වඩ් මහත්තයගේ ගෙදරින් ඇයට කෝල් එකක් එනවා, එයින් කියන්නේ ඩයිනෝසර්ලා බේරගන්න ඇය කැමති නම් ලොක්වර්ඩ් මහත්තයා එයට උපකාර කිරීමට බලාපොරොත්තු වෙනවා කියලායි. ඉතින් ඒත් සමග ඇය ලොක්වඩ් නිවසට ගිහින් වැඩි දුර සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සදහා ඔවුන් පිටත් වීමට කටයුතු කරන අතර ක්ලයිර්ගේ හිටපු පෙම්වතා (ඔවන්) ගේ සුරතලා “Blue ” දැනට  ජීවතුන් අතර ඉන්න අවසාන Velociraptor බේරාගැනීමට අත්‍යාවශ්‍ය  බව ලොක්වර්ඩ් මහතාගේ සේවක මිල්ස් කියනවා . මොකද දැනට ලොකේ ඉන්න ඉතාම දියුණු මනසකින් හෙබි 2 වන සත්වයා Blue වන නිසයි .  ඇයව අල්ලාගැනීම එතරම් ලේසී දෙයක් නොවන නමුත් , ඔවන් මේ සදහා යොදාගහොත් මේ ගැටලුව විසදීමට හැකියාවක් තියන බව දිගෙන් දිගටම මිල්ස්  ප්‍රකශ කරන අතර ඉන් පසු ක්ලයර් මේ ගැන ඔව්න් එක්ක කතාකරලා ඔහුද මේ සදහා එකතු කරගැනීමට කටයුතු කරනවා.

ඒ කණ්ඩයමට Zia Rodriguez හ  Franklin Webb යන දෙදෙනාද එකතු කරගෙන ඔවුන් අයිසා නිබුලා වලට ගමන් කරන අතර එහි සිටිනවා මිල්ස්ගේ සේවකයෙක් වන Ken Wheatley . ඔහු හා එකතු වී පලමුවෙන්ම Blue අල්ලා ගැනීමේ මෙහෙයුම ඔවුන් ආරම්භකරන අතර ඔව්න් හා කණ්ඩායම  Blue ලගා වී  Owen Blue එක්ක කතාකරමින් ඉන්න විට කෙන් වීට්ලිගේ කණ්ඩයෙමේ පුද්ගලයෙක් Blue ට  කරදර කිරීමට උත්සහා ගන්න නිසා බුලු කලබල වෙනවා මේ අතරදී ඒම පුද්ගලයා විසින් බුලුට වෙඩි තියනවා. අවසානයෙදි ඔව්න් දැනගන්නවා කෙන් වීට්ලිගේ කරන්න හදන්නේ මිල්ස් එක්ක එකතු වෙලා මේ සතුන් විකුණා දැමීමට බව. මේ අවස්ථාවේදී  කෙන් වීට්ලි ලග තියන නිර්වින්ද බෙහෙත්ක් ඔවන් ට විදල උන් තුවාල වෙච්චි බුලූ වත් රැගෙන යනවා. ඉන්පසු ගිනිකන්ද ප්‍රසාරණය වීම ආරම්භවන අතර  කෙන් වීට්ලි දැනට සිටින දරුණුම සත්ව විශේෂ 11 පමණක් රැගෙන ලොක්වඩ් මාලිගාවට එන අතර  ඉන්  පසු උන් වෙන්දේසියේ අලවි කිරීමට  Eli Mills ට බාර දෙන අතර  ඔහු විසින් ඉතාමත් විශාල මුදලකට  මෙම සතුන් අලවි කරයි …

අතර  2015දී ලබා ගත් DNA භාවිතා කිරීමෙන් 100% සමාන T Rex වර්ගයේ ඩයිනෝසර් වරයෙක් ද මේ වෙන්දේසියේ ප්‍රදර්ශනයට ඔහු විසීන් ගෙන එනවා. එ සත්වයාගේ තියන අංග නිසා වෙන්දේසියට සහභාගී වන පුද්ගලින් මොහුව මිලට ගැනීමට ඉතා වැඩි මිලක් නියම කරනවා. මේ අතරෙදී හිර කරලා හිටපු ඩයිනෝසර් කෙනෙක්ව ඔවන් විසින් මේ වෙන්දේසිය තියන තැනට එවනවා… මේ සමගම තමයි අන්තිම සටන පටන්ගන්නේ. ඉතින් මං මේ ඔක්කොමම කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් පහල Download tab එක ක්ලික් කරලා ඔයාට මේ ෆිල්ම් එකේ Download link එක වගේම 720p 1080p වගේම 480p විඩියෝ වලට ගැලපෙන සිංහල Subtitle එක ලබා ගැනීමේ හැකියාව තියන්වා.

  .  එහෙනම් කට්ටියට ජයෙන් ජයම වේවා !!! මතක් කරලා ෆිල්ම් එක බලලා හොද නරක කියලා යන්න.


පහත “Download Now” Button එකෙන් සිංහල සබ්ටයිට්ල්ස් Download කිරීමට හැකියාව පවතී. මෙම Subtitles Web-rip හා Blu-ray යන Quality video වලට ගැලපෙන ලෙස සකස් කර ඇත. 

3829 Downloads

ඉතින් යාලුවනේ අපි දැනගන්න කැමතී ඔයාලගේ අදහස් ? වගේම ඔයාලට ඕනේ තව මොනවගේ Sinhala Subtitles ද කියන එකත් කියලාම යන්න , ඒක ඉතා ඉක්මනින් හදල දෙන්න පුලුවන්.


Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න.

sinhala subtitles

Related posts

Leave a Comment