Films Sinhala Subtitles

Mission: Impossible – Fallout – දැන් සිංහල උපසිරසිය Boonfair.LK වෙතින්

ඔන්න අද මං කියන්න යන්නෙ Mission: Impossible Fallout  කියන්නෙ  2018   එලිදක්වූ ක්‍රියාදාම චිත්‍රපටියක් වන අතර එය රචනය , නිෂ්පාදනය හා අධ්‍යක්ෂනය සිදූ කරන්නෙ සම්මානලාබී Christopher McQuarrie මහතා වේ. මේ තමයි Mission: Impossible සිරිස් එකේ හය වන චිත්‍රපටිය වන අතර Christopher McQuarrie ගේ දෙවන Film එක වේ.

මෙහි එන චරිත

  • Tom Cruise  –  Ethan Hunt, an IMF agent කෙනෙක් වන අතර ඔහු මේහි ප්‍රධන චරිතය රග දක්වනු ඇත
  • Henry Cavill – August Walker, CIA ඔත්තූ කරයෙක් වන අතර ඔහුගේ රාජකාරිය වන්නේ ඊතන් හා ඔහුගේ කණ්ඩායම ගැන ඔත්තු බැලීමයි.
  • Ving Rhames – Luther Stickell,  IMF agent කෙනෙක් වන අතර මැය ඊතන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙක් වේ
  • Simon Pegg – Benjamin “Benji” Dunn, ( IMF තාක්ෂණික ශිල්පී agent කෙන්ක් වන අතර ඔහුද ඊතන්ගේ කණ්ඩායමේ සාමජිකයෙක් වේ )
  • Rebecca Ferguson – Ilsa Faust, ( Rogue Nation හිදී හන්ට්ගේ කණ්ඩායමට සම්බන්ධ වූ හිටපු MI6 නියෝජිතයා
  • Sean Harris – Solomon Lane,  Rogue Nation හී Syndicate නායකයා 
  • Angela Bassett – Erica Sloane, හූන්ලි සහ වෝකර්ගේ සුපිරිතමයා වෙනුවට සීඅයිඒ ආයතනයේ නව අධ්යක්ෂකවරයා
  • Michelle Monaghan – Julia Meade, Ethanගේ ඉස්සර බිරිද
  • Alec Baldwin – Alan Hunley, හිටපු CIA Director වන අතර මෙයා වර්තමාන IMF Secretary වේ  
  • Vanessa Kirby – White Widow, a black market arms dealer, and the daughter of Max from the first film
  • Wes Bentley – Patrick, Juliaගේ වර්තමාන සැමියා
  • Frederick Schmidt – Zola, the White Widow ගේ සහෝදරයා

 

ඇත්තටම කියුවොත් Mission impossible 6 ගැන මුලින්ම තොරතුරු එලියට එන්නේ Rogue Nation එලිදක්වන්නත් පෙරයි. ඉතින් ඒ සමගම McQuarrie මේ ගැන 2015 නොවැම්බර් මාසයේ දී මේ ෆිල්ම් එක ගැන නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. ඒ ඒවගේම Shooting ආරම්භවෙනවා 2017 අප්‍රේල් මාසයේ ඉදන් 2018 මාර්තු දක්වා. මෙහි Location විදියට Paris, UK England, Newzealand, Norway හා UAE භාවිතා කරලා තියන්වා. Mission: Impossible – Fallout මුලින්ම එලිදක්වන්නේ  Paris (July 12 2018) වන අතර US වල 2018 ජුලි 27 වේ.

කතාවෙන් බිදක්

The Syndicate ඔයාලට මතක ඇතියිනේ අවුරුදු 2කට කලින් ඊතන් හා කණ්ඩායම විසින් විනාශකරා ? නමුත් Solomon Lane නැවතත් ඒ ත්‍රස්ථවාදී කල්ලිය පණගන්නවා The Apostles කියලා නමකින් Belfast වලදී. අයිතන් හන්ට් (ටොම් ක්රූස්), කණ්ඩායමේ සාමාජිකයින්ට ඔවුන්ගේ නවතම සේවාදායකයා වන fundamentalist අයි ජෝන් ලාර්ක් විසින් අත්පත් කර ගනු ලබන ප්ලූටෝනියම් මධ්යස්ථාන (2 වෙන ලෝක යුදසමයේ යොදා ගත් න්‍යෂ්ටික අවි ) තුනක් විකිණීම පිල්බදව තොරතුරු ලැබෙයි. මෙම Mission එකේදී ඔහු Berlin වලට යන අතර එහිදී Benji Dunn (Simon Pegg) හා  Luther Stickell (Ving Rhames) හමුවෙයි. නමුත් Hunt Lutherගේ ජීවිත බේරාගැනීමට තෝරා ගන්නා විට මේ mission  අසමත් වේ. ප්ලූටෝනියම් Apostles විසින් පැහරගනු ගනු ලැබේ. ඊතන්ගේ කණ්ඩායම විසින් nuclear weapons expert අල්ලාගෙන ප්‍රශ්න කිරීමේදී  Apostles ලා විසීන් මීලගට Rome, Jerusalem හා  Mecca ආගමික සිද්ධස්ථාන වලට පහර දීමට ඉන්නා බව දැනගන්නට ලැබෙනවා.

CIA අධ්‍යක්ශක Erica Sloane August Walkerට අණකරනවා Hunt ගැන ඔත්තූ බලලා  plutonium Weapon එක ගැන තොරතුරු හොයාගන්න කියලා. Hunt and Walker පැරීසියට යනවා Grand Palais හෝටලයේ තියන පාර්ටී එකට මෙයට John Lark එනවා Apostles ලාගෙන් අර න්‍යෂ්ටික ආයුදය මිලට ගන්න මෙහිදී අතරමැදී කාර්‍යය කරන්නෙ White Widow (Vanessa Kirby) වේ. Hunt හා Walker Lark සමග සටනක් ඇති කරගන්නවා නානකාමරයක එයට Ilsa Faust (Rebecca Ferguson) හවුල් වීම මහින් Lark මියා යනවා, ඉන් පසු Lark ලෙස ඇදගන්නා  Hunt White Widow හමුවෙන්න යනවා.

Apostles හී සාමාජිකයින් එනවා John Lark හා the White Widow මැරීමට, නමුත් John Lark  විදියට වෙස්වලාගෙන ඉන්න Hunt විසින් White Widow මෙමගින් බේරාගෙන දෙදෙනාම පැනගන්නවා. මේ අතරදී White Widow විසින් Hunt හා ඔහුගේ කණ්ඩායමට කාර්‍යක් පවරනවා පැරිස් නගරයේ තිබෙන  plutonium සියල්ල Solomon Lane ගෙන් ලබාගැනීමට. මේ සදහා  Hunt හා ඔහුගේ කණ්ඩායමට plutonium Core එකක් ලැබීමට නියමිතයි. ඉන්පසු හන්ට් හා ඔහුගේ කණ්ඩායම විසින් Lane ගේ යුද ගබඩාවට පහර දෙයි.  Ilsa තෙරුම්ගන්නවා MI6ට ඕනේ වුණේත් Lane මැරීමටයි කියන එක.

ලන්ඩන් වල safehouse එකේදී Alan Hunley තේරුම්ගන්නවා John Lark දැන් මිය ගිහින් වගේම Hunt විසින් John Lark ලෙස පෙනී සිට්මට කටයුතු කරන බව. Erica Sloane අණ දෙනවා shadow CIA team එකට Lane ඉවරයක් කරන්න. අහ්හ් අමතක වුණා කියන්න Walker CIA හි වැඩකරාට ඔහුත් Apostles සමාජිකයෙක් බව. මේ සටනේදි Hunley මියයනවා ඒත්සමගම්ව Walker Benji සමග පැනගන්නවා. Walker  යන්නේ  Lane එක්ක ඉන්දියාවේ තියන kashmir medical camptට පැනයන අතර ඉතිරි න්යෂ්ටික අවි දෙක එකිනෙකට සමමුහුර්ත කර ඇති බව බෙන්ජි අනාවරනය කරයි. මෙවයින් එකක් නිෂ්ක්‍රිය කරහොත් අනික පුපුරා යනවා. නමුත් මේ 2කම නිෂ්ක්‍රිය කිරිමට නම් countdown  එක ආරම්භ වෙන්න වෙනවා. නිෂ්ක්‍රිය කරනය සිදුකිරීමට නම්, එහි fuse එක detonator එක තුලට යවන්න ඕනේ countdown  එක බිංදුව වෙන්න කලින්. එසේ නොකලොහොත් මේ weapon එක පිපිරී යන්වා. මේ අතර Laneගේ අරමුණ වෙලා තියෙන්නෙ මේ weapon එක තුලින් Pakistan, India හා  China වල ජල සැපයුමට බලපෑම් කිරීමටයි

වෛද්‍ය  කඳවුරේදී, Solomon Lane මේ weapons ක්‍රියාත්මක කරලා, detonator එක Walkerට දෙනවා, Hunt නොනවත්වා ඇදෙන helicopter පැන  Wallker ගේ පැනයාම නැවත්වීමට කටයුතු කරන අතරම Luther හා Ilsa පහත තියන weapons, සොයනු ලබයි.  Luther හොයාගන්වා පලවෙනි weapon එක හා Julia ගේ උදව්වෙන් එය නිෂ්ක්‍රීය කරනු ලබයි.  Ilsa හා Benji Lane දෙවෙනි weapon එකත් හොයාගන්නවා, ඔවුන් දෙදෙනා මේ weapon එකද  නිෂ්ක්‍රීය කරනු ලබයි. Walker හා Hunt අතර උඩු ගුවනේදි අති විශාල සටනක් සිදු වෙනවා.මේ සටනෙන් ජයගන්න Hunt අවසාන තත්පරයේදී fuse ඉවත් කිරීමට කටයුතු කරන නිසා මේ detonations දෙකම නිෂ්ක්‍රීය වෙනවා.

අවසානයේදී, ඉතුරු plutonium Weapon recover කරගන්න පුලුවන් වන අතර Erica Sloane විසින් Lane ව MI6 ට භාරදෙන අතර ඒමගින්  Ilsa ට තිබුණු වැරදි සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් කරනු ලැබේ. මේ අතර Hunt තමන්ට සිදුවූ තුවාල වලට ප්‍රතිකාර ලබාගන්න අතර ඔහුගේ කණ්ඩායම විසින් ජයග්‍රහණය බුක්ති විදිනු ලබයි.

ඔන්න ඔහොමයි මේ ෆිල්ම් එක Story එක වෙන්නේ, මං හිතනවා ඔයා මගේ පෝස්ට් එක කියවලා මේක බලයි කියල, මතක ඇතුව ඔයාලගේ අදහස් අපිට කියන්න.

Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබට අවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අප හා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ Email (nuwan@boonfair.lk) එකෙන් අප හා සම්බන්ධ වී අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 


සිංහල උපසිරසිය පහතින් Download කරගැනීමේ හැකියාව දැන් ඔබට සපයා ඇත .

18366 Downloads

එහෙනම් අදට මං ගියා, හැමෝටම ජය !!!

Related posts

Leave a Comment