PC Games

Call of Duty Black Ops 4

ඔන්න ඉතින් අද මං ඔයාලට කියන්නේ Call of Duty: game Series එකේ අලුත්ම Game එක වන Call of Duty Black Ops 4 ගැන පොඩි විස්තරයක් කියන්නයි.මේ Game එක තමයි COD ලගේ 15 Video game එක වන අතර Black ops series එකේ 5 වෙනි Game එක වේ. Call of Duty Black Ops 4  කියන්නේ නම්  multiplayer first-person shooter ගෙම් එකක් වන අතර මේක නිර්මාණය කරන්නේ Treyarch හා එලිදක්වන්නේ ඔයාල දන්න විදියටම Activisionන්ම තමයි. මෙය ලෝකය පුරා එලිදක්වන්න බලාපොරොත්තු වන්නේ  October 12, 2018, ඒවගේම මෙය   Microsoft Windows, PlayStation 4 and Xbox One හරහා ක්‍රීඩා කිරිමේ හැකියාව  ඔවුන් විසින් ලබා දෙනවා.

මේ game එක අනිත් Call of Duty games වලට වඩා 100% වෙනස් වන අතර ඒ මොකද කියනවා නම් මේකෙ නම් ඔයලා කලින් play කරපු COD games වල වගේ Single player Story line එකක් නම් නෑ.මේකේ ඇතුලත්වන්නේ Multiplayer, Zombies and  Battle royal mode (Blackout). මං පහලින් මේවා ගැන පොඩි  විස්තරයක් කරනම්කෝ.

Multiplayer Stage

Multiplayer game mode එකක් කියන්නෙ එකම game environment එකෙ එක පුද්ගලයෙකුට වඩා සෙල්ලම් කිරිමේ හැකියාවක් තිබීමටයි. එය Local Networking හෝ Internet තුලින් මේ සදහා Players ලා සම්බන්ධීකරනය කරන මාර්ග ලෙස පෙන්වාදිය හැකි අතර අපි බලමු මේ ගේම් එකේ  කොහොමද මේ feature එක use කරන්නේ කියලා.  Call of Duty Black Ops 4 multiplayer හී එනවා ඔවුන්ටම අදාල ඉතාම විශිෂ්ට හැකියාවන් තියන unique soldier characters කිහිපයක්. මෙහිදී Soldier characters 10 ක් මේ ගේම් එකේදි ඔයාලට හමුවෙනවා. එයින් හදෙනෙක්ම (Ruin, Prophet, Battery, Seraph, Nomad, Firebreak) Black Ops 3 එකේ ඉන්න Soldier characters වන අතර, අනිත් හතරදෙනා (Recon, Ajax, Torque, Crash) නම් මේ ගේම් එකට අලුතෙන් එකතු වන Soldier characters වේ. ඒවගේම මෙහිද තවත් විශේෂ දේවල් කිහිපයක් එකතු කරන්න Treyarch ලා අමතක කරලා නෑ, ඒ තමා දැනට COD series එකෙ තියන වැඩිම ප්‍රේක්ශක ප්‍රතිචාර ඇති Maps, වනරොදවල්, මුඩුක්කු ජනපද, යුධ පිටි හා Nuketowns කිහිපයක්ම මෙහිදී ඔබට දැකගන්න පුලුවන් වේ. ඒවගේම මං දන්වා ඔයලා අඩුම එක Call of Duty game එකක් හරි play කරල තියනව කියලා (එහෙම නැත්තම්  පුලුවන්න් මේ ලින්ක් එකෙන් ඒ ගැන විස්තර දැනගන්න ) ඒ එකකවත් ඔයාට Health level එකක් දැකගන්න ලැබෙන්නේ නෑ නමුත් මේ ගේම් එකේදි නම් ඔයාට ඔයාට Auto healing feature එක ලැබෙනේ නෑ, ඒ වෙනුවට manually තමා character health එක increase කරන්න වෙන්නේ. මෙහි තවත් විශේෂ දෙයක් තමයි character wise weapons තියන අතරම ඒවා Customize කිරීමේ හැකියාවද මෙහිදී හිමිවේ.

Zombies Stage (අවතාර)

අවතාර එක්ක Multiplayer සෙල්ලම් කරන එක නම් ඉතින් COD ගහපු අයට Simple දෙයක්නේ ඉතින් මේ ගේම් එකෙත් අවතාර එහෙම නැත්තම් Zombies ලා එක්ක සටන් කරන්න වෙනම Stage එකක් තියනවා.මෙහිදී මං ඉහතදී කියුවානේ මතක ඇති Solider characters වලට වෙන වෙනම Abilities හා Weapon Customization තියනවා කියල ඒවගේම Zombie stage එක සෙල්ලම් කරන කෙනාට ඕනේ විදියට නිර්මාණය කරගැනීමේ හැකියාවද හිමි වෙලා තියනවා. ඒ සදහා වෙන වෙනම Variables 100 කට අධික ප්‍රමාණයක් මෙහි අන්තර්ගතවනවා. ඒවා කිහිපයක් නම්,  overall difficulty, Zombies වල වේගය, mission වල කාලය වැනී බොහෝ දේ ඔබට මෙහිදි සෙල්ලම් කිරීමට හිමි වේ.

Black Ops 4 තමයි පලවෙනි ගෙම් එක Zombies stories 2 ක් තියන  COD series එකේ.

  1. “Voyage of Despair” – ඔයාලට සෙල්ලම් කරන්න වෙනවා Zombies එක්ක Titanic වල හා පැරණී රෝමයේ,
  2. “Blood of the Dead” – Ops ii එකේ අපිට හම්බෙන  Alcatraz Federal Penitentiary එකට Zombies එක්ක සටන් කරන්න.

Blackout

තවත් මේ ගේම් එකේ එන Stage එකක් තමයි Battle royal කියන්නේ එහෙම නැත්තම් Blackout මෙක ඇත්තටම කියුවොත් campaign mode එකක්. මෙම Stage එක තමයි  දැනට COD title එකේ විශාලම  Campaign map එකට හිමිකම් කියන්නෙ, මෙහිදී  Playerට වෙනවා වෙන වෙනම COD Black ops series එකේ තිබුනු Locations වල Campaign වලට මුහුණ දෙන්න. දැනට ආව COD games වල Air vehicles එහෙම නැත්තම් ගුවන්යානා පැදවීමේ හැකියාව හිමි නොවුනත් මෙහිදී එයද ලබා දීමට මමේ ගේම් එක නිර්මාණකරුවන් කටයුතු කරල තියනවා. ඒවගේම මෙහිදී පැරණි COD Black ops series එකේ අපී ආදරේ කරපු Characters වන පලමු ගේම් එකේ හිටපු  Alex Mason,   Black Ops II එකේේ හිටිය Raul Menendez, Zombies එකේ හිටිය Primis crew වගේ  Charactors ලා එඑක්ක මේ ගේම් එක playකිරිමේ හැකියාව ඔවුන් විසින් ලබා දීලා තියාන්වා.

ඉතින් ඔන්න COD series එකේ අලුත්ම එඑන්න තියන ගේම් එක අනිවාර්යෙන්ම මේකත් ඉතා විශාල ප්‍රතිචාර හිමිකරගන්න Game එකක් කියල නම් මට කියන්න පුලුවන්.

ඔන්න මං තව විශේෂ දෙයක් දෙන්නවා ඒ තමා  Call of Duty Black Ops 4 Minimum System requirement බලන්න ඔයාගේ PC එකේ මේක ගහන්න පපුලුවන්ද කියලා.

Minimum requirement Predicted Requirements
Intel CPU Core i5-6400 2.7GHz Core i5-6600K 3.5GHz
AMD CPU Ryzen R5 1400 Ryzen R5 1600X
Nvidia Graphics Card GeForce GTX 660 GeForce GTX 1060
AMD Graphics Card Radeon HD 7850 Radeon RX 580 8GB
VRAM 2GB 6GB
RAM 8GB 12GB
OS Win 7 64bit Win 10 64bit
Direct X DX 11 DX 11
HDD Space 90GB 90GB

Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබට අවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අප හා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ Email (nuwan@boonfair.lk) එකෙන් අප හා සම්බන්ධ වී අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 


Best selling Products in Boonfair

Related posts

Leave a Comment