Films

Ant Man and the Wasp – Sinhala Subtitles now available

ඔන්න ඉතින් මං අදත් ගෙනාවා අලුත් නිවුස් එකක් මේක නම් Marvels Avengers Series එකේ නවතම ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක්ඒ,  තමයි Ant-Man and the Wasp මේ Ant Man Film series එකේ 2 වෙනි කොටසයි. මං දන්නවා ඔයාල දැනටමත් Ant Man Film එක නම් බලලා ඇති, බලලා නැත්තම් අපෙන් ඉතාමත් අඩු මිලට ගන්න පුලුවන් කියලා ඔයාලා දන්නවනේ !!! හරි පොඩ්ඩක් බලමුල්කෝ මේ Film එක ගැනත් !!
 මං කියුව වගේම මේ ෆිල්ම් එකේදි අපේ Ant-Man ට තවත් Super hero කෙනෙක් හම්බෙනවා එයාගේ සහයට. මේයාට කියන්නෙ WASP (බඹරා) කියලා මෙයා වෙන කවුරුවත් නෙමේ Scott ගේ Girl friend එහෙම නැත්නම් Hank Pym ගේ දුව වන Hope.
 
Ant Man and the Wasp – මේ ෆිල්ම් එකත් අති විශාල ආදයම් වාර්ථා තියයි කියල තමා ජනතාවගේ බලාපොරොත්තුව. මේක Release වෙන්නේ Hollywood වල 25th June 2018 හා 6th July 2018 US & Canada.
මේක නිශ්පාදනය කරල තියෙන්නෙ නම් Marvels Studios and Distributor  Walt Disney Studios Motion Pictures ලා වන අතර Ant – Man මුල් ෆිල්ම් එක release කරල ඉතාමත් කෙටිකාලයකට පස්සෙ තමයි මේ Ant Man and the Wasp ෆිල්ම් එක ගැන Marvels ලා විසින්ප්‍රසිද්ධ කරනු ලබන්නේ. ඉතින් මෙයාල Shooting පටන් ගන්නවා 2017 නොවැම්බර් මාසයේ Pinewood Atlanta Studios වල Fayette County, Georgia, ඒවගේම Metro Atlanta, San Francisco, Savannah, Georgia, හා Hawaii..

Ant Man කතාවෙන් බිදක්

 

1987 දී Janet Van Dyne නැතිනම් wasp එහෙමත් නැත්තම් Hank Pym ගේ බිරිද සෝවියට් රුසියාවෙන් එවන ලද nuclear missile එකක් නවත්තන්න ගිහින් Quantum Realm හී සිරවෙනවා , Hank හා Hope හිතන්නෙ Janet එහි මැරෙන්න ඇති කියලයි. අවුරුදු කිහිපයකට පස්සේ Scotte මේ Ant Man kit එක ගත්තයින් පස්සෙ ඔහු විසින් මේ Quantum Realm එකට ඇතුලට යාම හා ආපසු පැමිනීම ප්‍රගුණ කරනවා, ඔයාලට මතක ඇති Ant- Man 1 කේදිත් එයා අන්තීමෙදී Quantum Realm එකෙන් එලියට එනවා. ඉතින් Hank හා Hope මේ පිලිබදව පරීක්ෂණ ආරම්භ කරනවා තමන් බිරිඳ/ අම්මා හොයාගන්න පුලුවන් වෙයි කියලා හිතලා.

අවුරුදු කිහිපයකින් පසුව Pym හා Hope ක්‍රමයක් හොයාගන්නවා Quantum Realm එකට මාර්ගයක්. මේ මගින් Scotte ට ලැබෙනවා පණිවිඩයක් Janet ගෙන්, මේ අතර ඔයාලා Captain america Civil War එක බැලුවා නම් මතක ඇති Ant Man , Captain America ට උදව් කරනවා, ඒ මගින් ඔහූ වැදි කාරය වෙලා ඔහුව සිර අඩස්සියට පත්වීමත් මේ කතාවෙ ආරම්භයෙදී ඔයාලට බලගන්න පුලුවන්. මේ සිර අඩස්සියෙන් Hope විසින් Scott ව බේරාගන්නවා, ඒත් එකම Scott ට Janet ගෙන් පණිවිඩයක් ලැබෙනවා එයා ජිවතුන් අතර ඉන්නව කියලා . Hank and Hope ට ඕනේ වෙනව මිලට ගන්න විශේෂ වූ කොටසක් මේ සඳහා  ඔවුන් හමමුවෙනවා Black Market dealler කෙනෙක් වන Sonny Bruch ව, Bruch Hope ට අවශ්‍ය කොටස වෙනුවට Pym Industries එක ලබා ගන්න උත්සහා කරන අතර මෙයට අකමැති වන Hope ඔවුන් සමග ගැටුමක් ඇති කරගන්නවා. මේ ගැටුමට අද්භුත Masked Women කෙනෙකුත් එන අතර මෙහිදී Hope ට Scott ගේ උදව් ලැබිමත් සමඟ Bruch and Masked women සටනෙන් පලා යනවා.

ඇත්තටම අද්භූත Masked women වෙන්නේ “Ava Starr” Pym අත්වැරද්දකින් මියයාමට සිදු වුණු Elihas ගේ දුවයි. එය ඇවිත් ඉන්නේ Pym ගෙන් තමන්ගේ තාත්තාවයි අම්මවයි මරපු එකේ පලියගන්න. මේ අතර Pym ට පුලුවන් වෙනව janet එක්ක සම්බන්ද වීමට නිර්මායකරපු මාර්ගය (Tunnel) එක ස්ථාවර කරගන්න. අවසානයේදී Janet පණිවිඩයක් එවනවා  Quantum Realm එක තව පැය කිහිපයකින් වෙනම සංඛ්‍යාථයකට මාරු වෙන්න ඉඩ තියනවා කියලා, මේ අතර Bruch ට ඕනේ වෙන්නේ Pym’s  Lab එක ඔහුගේ අතට ගන්න, මොකද ඔහු දන්නව ඉන් ඔහුට ලැබෙන වාසිය මොනවද කියන එක. ඉතින් Bruch හා ඔහුගේ සගයන් Hope හා Scott එක්ක ලොකු සටනකට යනවා. අවසානයේදී Scott ඇතුලු පිරිස සටනෙන් ජය ගන්නවා.

Pym තම බිරිඳ බේරා ගැනීමට Quantum Realm එක තුලට යන නමුත් Ava starr විසින් Janet ගේ ශක්තිය උරා ගෑනීමින් ඉන්නා නිසා ඔහුට Ava එක්ක සටන් කිරීමට සිදු වෙනවා. නමුත් ඔහුට එය කිරිමේ හැකියාවක් නොමැති අතර මේසඳහා Hope (WASP) & Scott ( Ant Man) උදව් අවශ්‍ය අවස්ථාවේ වෙලාවට Quantum Realm වලට එන අතර මේ සමඟ ඔවුන්ගේ සටන ක්‍රියාත්මකවනවා. එය අවසාන වන්නේ Ava ත් තමදෙමව්පියන් ලගට යාමත් සමගයි.
ඉන් අනතුරුව Pym, Janet, Hope හා Scott පියවී ලෝකයට එන අතර Hope, Scott හා පුංචි Cassie එකම නිවසක හිදගෙන Film එකක් බලන දසුනක් අවසාන වශයෙන් දැක ගැනීමට ලැබෙනවා.

 

ඉතින් ඔන්න ඔය විදියටයි මේ ෆිල්ම් එක Story Line එක තියෙන්නෙ. Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබටඅවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අපහා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ ලින්ක් එක click කරලා අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 


පහත “Download Now” Button එකෙන් සිංහල සබ්ටයිට්ල්ස් Download කිරීමට හැකියාව පවතී. මෙම Subtitles Web-rip හා Blu-ray යන Quality video වලට ගැලපෙන ලෙස සකස් කර ඇත. 
4908 Downloads

ඉතින් යාලුවනේ අපි දැනගන්න කැමතී ඔයාලගේ අදහස් ? වගේම ඔයාලට ඕනේ තව මොනවගේ Sinhala Subtitles ද කියන එකත් කියලාම යන්න , ඒක ඉතා ඉක්මනින් හදල දෙන්න පුලුවන්.


Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න.

sinhala subtitles


Best selling Products in Boonfair

Related posts

2 Thoughts to “Ant Man and the Wasp – Sinhala Subtitles now available”

  1. Uid

    Subtitles ekata godak ස්තුතියි මිත්‍රයා.වෙන කොහෙන්වත් මෙකට සබ්ටයිටල් දිල නෑ.එම එකෙ ඔයාලා කරෙ ලොකු උදව්වක්.

    1. Nuwan

      ඔයාගෙ Feedback එකට බොහොම ස්තුතී, මොනවාහරි ඔයාලට ඕනේ දෙයක් තියනවා නම් අපිට කියන්න අපි ඉතාම කෙටි කාලයක් ඇතුලත ඒක කරල දෙනම් ,

      ඔබට ජය

Leave a Comment