Sell online in SriLanka – Boonfair මගින් ව්‍යාපාරික ඔබට අනගි අවස්ථාවක් !

 

ඉතින් යාලුවනේ අද නම් මං මේ යන්නේ Boonfair.LK , අපි විසින් ඔයාලට ලබාදෙන සේවාක් ගැන කියන්නයි. ඒ තමයි ඔයා සතුව  විකිණීමට යම් භාණ්ඩයක් තියනවා කියලා හිතන්නකෝ.

උදාහරණ ලෙස ,

  1. ඇදුම් හා ආයිත්තම් ( Men’s and Women’s Fashion and Accessories)
  2. ජංගම දුරකථන හා අමතර උපාංග (Mobile phone and Accessories)
  3. පරිගණක, ටැබ්ලට් හා අමතර උපාංග (Computer, Tablets and Accessories)
  4.  PC Games, TV series හා Gaming Console
  5. ඔරලෝසු හා ආභරණ
  6. ගෙදරට, වත්තට අවශ්‍ය උපකරණ
  7. බෑග්ස් හා සපත්තු
  8. ළදරු භාණ්ඩ

ඉතින් ඔයාල කැමති නැද්ද අපේ වෙබ් අඩවියේ කිසිදු මුදල් ගෙවීමකින් තොරව ඔබේ භාණ්ඩ එකතු කරලා (listing) තමන්ගේ ව්‍යාපාරයේ විකුණුම් වැඩි කරවා ගන්න ? මං දන්නවා ඒ වැඩෙට ඔයාල කැමතී කියන එක නම්, ඉතින් අපි බලමු මේ වැඩෙ වෙන්නෙ කොහොමද කියලා.

මොනවගේ දේවල්ද විකුණන්න පුලුවන් වෙන්නෙ ??

  • ඉහතින් මං සදහන් කරපු Categories වලට අදාල භාවිතාකරන ලද (Used) හෝ අලුත් (New) යන ඕනේම භාණ්ඩයක් අප වෙබ් අඩවිය හරහා විකුණා ගැනීමේ හැකියාවක් තියනවා.

 

මේ සදහා ඔබ (seller) මොනවගේ දේවල්ද කරන්න ඕනේ ?

seller ට කරන්න තියෙන්නෙ තමන් සතූ භාණ්ඩය අපේ වෙබ් අඩවියේ ඉතාමත් පැහැදිලිව එකතු කිරිම (List කිරිම)පමණයි. පොඩි tutorial එකක් මෙතනින් බලන්න.

කොහොමද ඔයාලට ඕඩර්ස් එන්නෙ ?

Boonfair අපේ වෙබ් අඩවියට ඉතාම විශාල වූ Customer base එකක් ඉන්නවා, ඉතින් එයාලගෙ අවශ්‍යතා සැපිරීම තමා අපේ මුලිකම අරමුණ, මෙ අතරදී අපි හිතුව අපේ මේ ලංකාවේ ඉන්න Seller ට මේ වෙබ් අඩවිය open කරන්න කියලා. මේකට ප්‍රධානම හේතුව වෙන්නෙ, අපිට තියන ඉල්ලුමට සැපයුම ලබාදීමේ අපහසුතාව කියුවොත් මං නිවැරදී. ඉතින් ඔන්න ඔහොමයි මේ ඕඩර්ස් අපට එන්නෙ.

Seller කෙනෙක්ට අපෙන් ලැබෙන සේවවන් මොනවාද ? 

සේවවන් මං පහතින් කෙටියෙන් කියනම්කෝ ,

  1. ඔබට ඔබේම කියලා වෙබ් අඩවියක් අවශ්‍ය නොවීම.
  2. ඔබට කිසිම ප්‍රචාරණ වියදමක් ගෙවීමට සිදු නොවීම.
  3. ඔබේ භාණ්ඩ ඉතා විශාල පිරිසක් කරා ගමන් කිරිම.
  4. සියලු ඕඩර්ස් Boonfair මගින් පාලනයකිරීම නිසා ඔබට තියෙන්නෙ ලැබුණු ඕඩර් එක Deliver කිරිම පමණක්වීම.
  5. ඔබේ මුදල් ඉතාම සුරක්ෂිතව දින 7 ක් ඇතුලත ඔබේ බැංකු ගිණුමට.
  6. ඔබට ලැබෙන ඕඩර්ස් පිලිබදව Boonfair විසින් 100% ක විශ්වාසය.

මෙවැනී තව බොහෝ දේවල් ඔයාලා අපි එක්ක වැඩ කරනවා නම් ලබා ගන්න පුලුවන්.

කොහොමද Seller කෙනෙක් වෙන්නේ ?

Boonfair එකේ register වෙලා Seller කෙනෙක් වෙන්න මුලින් ඔයාට තියෙන්නෙ ඔයගේ Business එක ගැන පොඩි විස්තරයක් දෙන්න, මෙන්න මේ ලින්ක් එකට ගිහින් , ඊටපස්සේ  අපී ඔයාගෙ Seller request එක බලලා පපැය 2කක් ඇතුලත ඔයාගේ Email address එකට හා Mobile එකට දැනුම් දීමක් කරනවා. ඔයාට Seller account එකට Access ලැබුණායින් පස්සෙ ,

–  Boonfair Seller Panel එකෙ සම්පුර්ණ තොරතුරු වලට මේ ලින්ක් එකට යන්න.

–  මෙන්න අපේ Seller agreement එක පොඩ්ඩක් මේකත් කියවලා බලන්න.

–  කොහොමද Boonfair හී ඔඔයාගේ පලවෙනි item එක list කරන්නෙ ? මෙතනින් කියවන්න

– මේහා සම්බන්ධ අපේ වෙනමම Live Chat එකක් තියනව මේ ලින්ක් එකෙන් follow කරලා ඔයාට තියන ඕනේම ගැටලුවක් අපිට                                        කියන්න.

අවසාන වශයෙන් මං පැහැදිලි කරන්නම් මොකක්ද මේ “Boonfair Seller Protection” එක කියන්නෙ කියලා.

ඔයා Boonfair seller portal එකට සම්බන්ධ වුණාම , අපි විසින් ඔයාගේ Product listing එකට, එන Sales වලට වගේම 100% ඔයාගේ Payments වලට වගකියනවා. ඒබව අපි අපේ Seller agreement එකේ පැහැදිලිව දක්වලා තියනවා. ඉතින් මේ නිසා ඔයාලට අපි හා සම්බන්ධ වෙලා වැඩ කරන්න එක කිසිම ගැටලුවක් වෙන්නේ නෑ කියන එක අපට වගකීමෙන් යුතුව දැනුම් දෙන්න පුලුවන්.

 

මං තව පෝස්ට් කිහිපයක්ම මේ ගැන ගේන්න බලාපොරොත්තු වෙනවා හැබැයි ඉතින් ඔයාලගේ Feedback එක නම් අනිවා ඕනේ !!!

 

 Anything please Contact Us through this mobile phone via Call / Whatsapp / Viber  – 077 23 23 921 

 

The Walking Dead season 9 is Coming !!!

ඉතින් කොහොමද යාලුවනේ ?? ඔන්න මන් නම් හොදින් ඉන්නවා, අද මං කියන්න යන්නෙ ඔයාල ආසකරන තවත් Tv සිරිස් එකක් ගැන විස්තර ටිකක්. ඒ තමයි The Walking Dead S 9 (පැරණී සීරිස් වල විස්තර සදහා මෙ ලින්ක් එකට යන්න ). ඉතින් මේ ගැන කතාකරනකොට AMC අලුත් සිසන් එක ගැන ප්‍රකාශ කරේ 2018 ජනවාරු මාසයෙදී.ඉතින් අපි බලමු The Walking Dead S 9 තව විස්තර ටිකක්.

කවදද The Walking Dead S 9 පටන්ගන්නේ ?

The Walking Dead සිරිස් එකම පටන්ගන්නේ ඉතින් ඔක්තෝම්බර් නිසා අපි හිතන්නෙ මේකත් අනිත් සීසන් වගෙම පටන් ගනී කියන එකයි

 Andrew Lincoln මේ සිරිස් එකෙන් අයින්  වෙනවද ?

ඔව්, Andrew Lincoln එහෙම නැත්තන් Rick Grimes ඔයට මතක ඇතිනෙ, ඔහු මේ සිරිස්මේ එකෙ පලමු සිස්න්  ඉදන්ම හිට්යනේ ඒත් මේ  සිසන් එකේ නම් ඉන්නෙ  ඉතාම පුංචි කොටස් කිහිපයකට පමණයි. මේ ගැන අපට දැනගන්න ලැබුනේ මේ සිරිස් එකේ අධ්‍යක්ශක කෙනෙක් වන Micheal E Strazemis ගේ insta post එකකින්.

ඉතින් මේ පොස්ට් එකට අනුව ” අපි හැමෝම අපේ ජිවිතවලින් අවුරුදු 8 ක(මේ තුල ජිවත් වුනා, ඒ අතරෙදි Andy හා මං වැඩ කරේ ඉතාමත් ලග යහලුවන් වශයෙන් බව අපේ හැමෝම දන්නවා.

ඔහු වෙනුවට කවුද එන්නෙ ?

අපට ලැබෙන තොරතුරු වලට අනුවනම් ඒසදහා අවස්තාව ලැබිලා තියෙන්නෙ නෝර්මන් රීඩස්, නැතනම් මේ සිරීස් එකේ හිටිය ඩැරල් ඩික්ස්සන් ට(Daryl Dixon). ලින්කන් වෙනුවට රීඩස් යොදාගැනීමත් සමග ඔහු මෙහි ප්‍රදාන චරිතයට(Daryl Dixon) රංගයෙන් දායකවීම තුලින් ඔහුට $20 mill මුදලක් මේ සිසන් එක වෙනුවෙන් ලබාදීමට AMC එකගවී තිබෙන බවද අපට දැනගන්න ලැබුණා.

තවත් කවුරුහරි ඉවත්වීමට නියමිතද ?

Lauren Cohan එහෙම නැත්තම් Maggie කියලා තියනවා මේ අප්‍රෙල් 25 වෙනිදින,ඇය 9ීවෙනි සීසන් එකට ඇගේ රංගනයෙන් දායක නොවෙන බව. මේකර හේතුව ඇයගේ ගාස්තුව සම්බන්ධ ගැටලුවක් බවයි Boonfair.lk අපට ආරංචි වෙලා තියේන්නෙ.

 

Untitled Avengers film – The Avengers 4

ඔන්න ඉතින් අපේ යාලුවනේ මං අද ආවේ ෆිල්ම් එකක් ගැන තොරතුරු අරගෙනයි. Untitled Avengers film (තාම මේ ෆිල්ම් එකට නමක් නම් ප්‍රසිද්ධ කරල නැති නිසා)එහෙම නැත්නම්  The Avengers 4 කියන්නෙ ඉදිරියෙදී එන්න තියන Marvels Comics පාදක කරගෙන නිර්මාණය කරන  ඇමරිකානු වික්‍රමාන්විත චිත්‍රපටයකී. මං දන්නවා ඔයලා මෙයාලගෙ අනිත් ෆිල්ම්ස් නම් බලලා ඇති නැත්නම් ඒ  ගැන විස්තර දැනගැනීමට  මේ ලින්ක් එකට යන්න.

මේක නිෂ්පාදනය කරන්නේ Marvel Studios වන අතර distributor නම් ඉතින් Walt Disney studios Motion Pictures වේ. මේ ෆිල්ම් එක 2018 අප්‍රේල් මාසයේ ආව The avengers Infinity war එකේ දිගුවක් ලෙසයි Marvels ලා කියන්නේ. ඒවගේම ඉතින් මේ තමයි 22 වෙනි Marvels ෆිල්ම් එකයි. මෙහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නෙ Anthony හා Joe Russo වන අතර මෙහි පිටපත් රචකයින් ලෙස කටයුතු කරන්නෙ Christopher Markus හා Stephen McFeely වේ.

මේ ෆිල්ම් එක ගැන මුලින්ම MCU විස්තර කරන්නෙ 2014 ඔක්තෝම්බර් මාසයේදී වන අතර, 2015 අප්‍රේල් මාසයේදී මෙහි පිපත් රචකයා ප්‍රකාශ කරන්නෙ මෙහි නම Avengers: Infinity War – Part 2 කියලයි, නමුත 2016 දී Marvels විසින් මෙහි Film title එක ඉවත් කර දානවා. ඉතින් මේකේ Filming (අපේ වචනයෙන් කියුවනම් Shooting) පටන් අරගෙන තියෙනේ  Pinewood Atlanta Studios in Fayette County, Georgia 2017 අගෝස්තූ මාසයේදී වන අතර එය අවසන් වෙලා තියෙන්නෙ 2018 ජනවාරී මාසයෙදීය. ඉතින් තාම නමක් නැති වුණාට මේක Release වෙන්න තියෙන්නෙ නම් 2019 මැයි 03 වෙනිදායි.

About the Film Production

ඔයාලා දන්නවනේ The avengers : Age of Ultron  2015  release කරා කියලා මේකේ ප්‍රෝමොශන් කටයුතු වදී තමා මේ ගැන මුලින්ම තොරතුරු ලැබෙන්නනේ. ඒ අවස්ථාවේ ඔවුන් කියන්නේ නම් මීලග The Avengers කතාව ෆිල්ම්ස් 2කින් සමන්විත බවයි, ඒ The avengers – Infinity War part 1 -(Release date 2018 මැයි 4 ) හා The avengers – Infinity War part 2 (Release date – 2019 මැයි 3 ).Kevin Feige කියනවා 2015 දී මේ කතාව කොටස් දෙකකින් සමන්විතවන නිසයි මේ ලෙස ෆිල්ම් 2 කින් ඔවුන් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ කියලා.  Russos කියනවා මේ ලෙස නම් තැබුවොත් මෙය එකම ෆිල්ම් එක කොටස් වලට කැඩලා ෆිල්ම් එකක් නිර්මාණය කරා හා සමාන වන බව. මේ හේතුව සලකා බැලූ Marvels Company එක විසින් මේ නම 2016 දී ඉවත් කරනවා ඊට පස්සෙ තමයි මේක Untitled Avengers film ලෙස හදුන්වනේ . ඉතින් අධ්‍යක්ෂවරු කියන්නෙ මේ ෆිල්ම් එකේ නම මේවසර (2018) අගදී ලෝකයාට ප්‍රසිද්ධ කරනව කියලා.

මේකෙ Shooting කරල තියෙන්නෙ නම් The Gulch area of Downtown Atlanta. Feige කියන්න විදියට නම් මේ ෆිල්ම්ස් දෙකම එකට රූගත කිරීමටයි එයාල බලාපොරොත්තු වුනේ නමුත් එය කිරීම ටිකක් අමාරු වුණු නිසා එයාලා Avengers infinity War වලින් පස්සේ තමයි මෙහි රූගතකිරිම් පටන් අරගෙන තියෙන්නේ.මෙයිට අමතරව අවශ්‍ය රූගතකිරීම් ඒගොල්ලෝ මේ වනවිටත්  Edinburgh and Glasgow, Scotland වල කරගෙන යන බවයි අපට නම් ආරංචි වෙන්නේ.

ඉතින් අපි බලමු කවුද මේ අලුත් Avengers film එකට රංගණයෙන් දායක වෙන්නේ කියලා.

  1. Robert Downey Jr. as Tony Stark / Iron Man:
  2. Chris Hemsworth as Thor:
  3. Mark Ruffalo as Bruce Banner / Hulk:
  4. Chris Evans as Steve Rogers / Captain America:
  5. Scarlett Johansson as Natasha Romanoff / Black Widow
  6. Benedict Cumberbatch as Dr. Stephen Strange
  7. Don Cheadle as James “Rhodey” Rhodes / War Machine
  8. Tom Holland as Peter Parker / Spider-Man
  9. Chadwick Boseman as T’Challa / Black Panther
  10. Paul Bettany as Vision
  11. Elizabeth Olsen as Wanda Maximoff / Scarlet Witch
  12. Anthony Mackie as Sam Wilson / Falcon
  13. Sebastian Stan as Bucky Barnes / Winter Soldier
  14. Tom Hiddleston as Loki:
  15. Pom Klementieff as Mantis
  16. Karen Gillan as Nebula
  17. Dave Bautista as Drax the Destroyer
  18. Zoe Saldana as Gamora
  19. Gwyneth Paltrow as Virginia “Pepper” Potts
  20. Chris Pratt as Peter Quill / Star-Lord:
  21. Jeremy Renner as Clint Barton / Hawkeye
  22. Evangeline Lilly as Hope van Dyne / Wasp:
  23. Jon Favreau as Harold “Happy” Hogan
  24. Paul Rudd as Scott Lang / Ant-Man
  25. Brie Larson as Carol Danvers / Captain Marvel:

ඔන්න ඉතින් අද review එක, මං වගේමඔයාලත්ඉතින් මේක එනකල් බලගෙන ඉන්නෙ එහෙම නේද ??

Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබට අවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අප හා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ Email (nuwan@boonfair.lk) එකෙන් අප හා සම්බන්ධ වී අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 

එහෙනම් අදට මං ගියා, හැමෝටම ජය !!!


Best selling Products in Boonfair

Game of Thrones’ Season 8: Release date, casting and plot

 

Game of throne poster

අහ් යාලුවනේ කොහොමද, ඉතින් ඔඔන්න අද මන් අවේ   Game of Thrones Season 8 එක ගැන පොඩි විස්තර ටිකක් දෙන්න., ඉතින් මේ Post එක මගින් Season 8 එකට අදාල Story, Crew, Plot, Released date ඇතුලු සියලු  දේ ගැන තොරතුරු ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

අවසාන හා අටවන සීසන් එක කියුවොත් ඔයලා ගොඩක් කණගාටටු වෙනවා කියල දන්නවා ඒත් ඒකයි ඇත්ත, මේ ගැන HBO 2016 ජුලි මාසයෙදී තමයි ලොකයාට කියලා තියෙන්නෙ. හැබයි ඉතින් පලවෙනි සීසන් 6 නම් එපිස් 10ක් අවනේඒත් හැබැයි මේකෙනම් එන්නේ එපිස් 6යි. Game of Throne tv series එකට පාදක කරගෙන තියෙන්නෙ George R. R. Martin’s A Song of Ice and Fire කියන නවකතාවනේ, මේහා සම්බන්ධ තොරතුරු මං පහතින් ඉදිරිපත් කරල තියන්වා පොඩ්ඩක් බලන්නකෝ . ඔයාලට Season 1 – 7 ගැන තොරතුරු දැනගන්න ඕනේ නම් මේ ලින්ක් එකට යන්න.

game of throne journey ends

Release date for Game of Thrones’ Season 8 ??

ඒකට පිලිතුර වෙන්නෙ නම් 2019. 

Maisie Williams කියන විදියටනම් මේ වනකොටත් Filming ඉවර වෙලයි තියෙන්නේ, Editing හා අනිත් Production කටයුතූ 2018 දෙසැම්බර් වෙනකොටඉවරකිරීමට බලාපොරොත්තු වන අතරම බොහෝ විට පළමු  Episode එක එලිදක්වන්නනියමිතව තියෙන්නෙ නම් 2019 අප්‍රේල් මාසයෙදි බවයි.

Who will die in Game of throne Season 8 ?

ඒක ගැනනම් අපිට 100% විශ්වාසයෙන් කියන්න බෑ මොකද තාමත් GOT s8 සම්පුර්ණ Story එක එලියට ආවේ නැති නිසා නමුත්මේ ගැනහොයන ඔයාලට අපි හොයාගත්ත තොරතුරු අනුව බලපුවම මියයාමේ සම්භාවිතාව පහත ආකරයට පෙන්වාදිය හැකිය.

  1. Daenerys Targaryen – 83.77%
  2. Jaime Lannister – 72.91%
  3. Tyrion Lannister – 70.76%
  4. Bran Stark – 66.02%
  5. Cersei Lannister – 60.39%
  6. Jon Snow – 58.99%
  7. Euron Greyjoy – 54.95%
  8. Sansa Stark – 50.28%
  9. Arya Stark – 49.04%
  10. Gendry – 39.87%

ඔයාල දන්නවානේ HBO තමා මේ TV series එකට අයිතිය තියෙන්නෙ කියලා ඉතින් අපි  බලමු HBO මොනවද කියලා තියෙන්නෙ GOT S8 ගැන කියලා ?

” වීරාන්විත TV series එකක් වන Game of Thrones සීසන්  8 එක 2019 අප්‍රේල් මාසයෙදී එලිදක්වන්නට නියමිත අතර මෙය කොටස් (එපිසොඩ්ස්) 6 කින් පමක් සමන්විත වන අතර මෙය Game of Thrones ට්වි සසිරිස් එකේ අවසාන සීසන් එක වේ.

David Benioff හා  D.B. Weiss, David Nutterහා  Miguel Sapochnik තමයි අලුත් සීසන් එකේ ඩිරෙක්ටර්ස්ලා හා තිරරචකයින් ලෙස David Benioff , D.B. Weiss, Bryan Cogman හා  Dave Hill හදුන්වාදිය හැකිය.

Game of throne Season 8 එකේ එක කොටසක් (Episode එකක් ) කොපමන කාලයක් පෙන්වනවාද ?

කලින් සීසන්වල නම් ඔයාල දන්නවනේ කොටසක් ධාවනය වන කාලය වන්නේ පැයක් පමණයි නමුත් මෙහි කොටස් ප්‍රමාණය අඩුවීම නිසාම මේ සීසන් එක මිනිත්තු 75 – 90 දක්වා කාලයක් ගතවනු ඇත.

කොපමණ මුදලක් HBO (Series Producers) ලා මේ සදහා වියදම් කරනවාද ?

අපට ලැබුණු තොරතුරු අනුවනම් එක සිසන් එකක්ට $10 මිලියන් වගේ ප්‍රමාණයක් වැයවෙලා තියන අතර අවසාන කොටසට පමණක් මිලියන $15 වැය වුණා කියලයි HBO කියන්නෙ.  ඉතින් අපි බලමු ඇයිමෙයලාට මෙපමණ මුදල් වැය වුණේ කියලා.

Game of throne crew

Main cast

  1. Peter Dinklage as Tyrion Lannister
  2. Nikolaj Coster-Waldau as Jaime Lannister
  3. Lena Headey as Cersei Lannister
  4. Emilia Clarke as Daenerys Targaryen
  5. Kit Harington as Jon Snow
  6. Liam Cunningham as Davos Seaworth[9]
  7. Sophie Turner as Sansa Stark[10]
  8. Maisie Williams as Arya Stark[11]
  9. Nathalie Emmanuel as Missandei[12]
  10. Gwendoline Christie as Brienne of Tarth[12]
  11. John Bradley as Samwell Tarly[13]
  12. Isaac Hempstead Wright as Bran Stark[14]
  13. Hannah Murray as Gilly[15]
  14. Rory McCann as Sandor “The Hound” Clegane[16]
  15. Iain Glen as Jorah Mormont[17]
  16. Conleth Hill as Varys[18]
  17. Carice van Houten as Melisandre[19]
  18. Jerome Flynn as Bronn[20]
  19. Joe Dempsie as Gendry[21]

Supporting cast

  1. Ben Crompton as Eddison Tollett[22]
  2. Hafþór Júlíus Björnsson as Gregor Clegane[23]
  3. Jacob Anderson as Grey Worm[12]
  4. Daniel Portman as Podrick Payne[24]
  5. Rupert Vansittart as Yohn Royce[12]
  6. Marc Rissmann as Harry Strickland[25]

Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබට අවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අප හා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ Email (nuwan@boonfair.lk) එකෙන් අප හා සම්බන්ධ වී අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 


Best selling Products in Boonfair

Huawei E5573 4G Mobile Wi-Fi

Huawei E5573 4G Mobile Wi-Fi Review

 

ඉතින් යාලුවනේ ඕන්න මං අද කියන්න යන්නේ ඔයාලට අවශ්‍ය වන  දෙයක් ගැනයි ඒ තමයි Huawei E5573 4G Mobile Wi-Fi Router එක. මේක ගැන පොඩි විස්තරයක් මං පහතින් ලියන්නවා කියවලාම බලන්නකෝ,

4G Internet Connection එකක් කියන්නේ ඔයාල දදන්න විදියටම අන්තර්ජාලට පිවිසීමට හා එහි සැරිසැරීමට තියන ඉතාමත් වේගවත්ම ක්‍රමය ලෙස හදුන්වා දෙන්න පුලුවන්. ඉතින් ඔයාට 4G Connection එක භාවිතා කරන්න නම් Router එකක් භාවිතා කරන්න වෙනවනේ ඒත් එක තියෙන්නේ යම්කිසි දුර ප්‍රමාණයකට පමණයයි, ඉතින් එයට විසදුමක් විදියට තමයි 2015 පෙර Mobile Wifi Hotspot ක්‍රමය ලෝකයට පැමිනෙනේ එයින් සිද්ධ වෙන්නේ තමන් සතුව තියන 4G Connection ඇති ජංගම දුරකතනෙන් ඔයාගේ Laptop එකට, Gaming console එකට Tablets වලට Internet Connection එක ලබා දීමයි.  නමුත් එහිද පහත වැනි ,

  1. 4G compatible Mobile phones මිලෙන් අදික වීම,
  2. 100% 4G speed එක මෙහි භාවිතා කරන්නාට හිමි නොවීම මොකද Phone එකට අවශ්‍ය Signal ප්‍රමාණය තියාගෙන තමයි ඉතුරු ටික දෙන්නෙ.
  3. ප්‍රධානම අවාසිය තමා Mobile phone එකේ battery එක ඉක්මන්ට Low වෙන එක. අපෙ වචනෙන් කියුවොත් ඉක්මන්ට බැටරි බහින එක.

ඉතින් ඉහත ප්‍රශ්න තීබීම මගින් ජංගම දුරකතනය මේ සඳහා භාවිතා කිරිමද ඉතාමත් කරදරකාරී දෙයක් වෙනවා. නමුත් මං මේ හදුන්වා දෙන්න යන්න  Mobile Wi-Fi router එකෙන් නම් මේ සියලු දෙවල් වලට විසදුමක් ලලැබෙනවා කියන්න පුලුවන්. ඉතින් අපි පහතින්  බලමු මෙහි තියන වාසි,

Huawei E5573 4G Mobile Wi-Fi හී වාසි 

  1. මෙහි Size එක (84 x 58 x 15mm) ඉතාම කුඩාවීම නිසා භාවිතා කරන්නාට තම සාක්කුවේ වුවද ගෙනයා හැකිය.
  2. LED තිරයක් මගින් 4G Signal availability හා Battery Status එකපෙන්වන නිසා භාවිතා කරන්නට ඉතාමත් පහසු වීම.
  3. 4G Sim එකක් මෙයට ඇතුලත් කල විගස මෙය භාවිතා කිරිමේ හැකියාව ඔබට හිමි වේ.
  4. මෙහි Download Speed එක 150Mbps හා Uploading Speed එක 50mbps.
  5. මෙහි Battery එකක් තිබෙන නිසා ඔබට 4G Connection එක ඕනේම තැනක සිට ලබා ගන්න පුලුවන් අතර මෙහි usable battery life එක පැය 4 -6 ත් අතර වන අතරම Standby life time එක පැය 300 වේ.
  6. මෙහි තිබෙන විශේෂ Option එක වන්නේ Mobile app එකක් මගින් සියලු කාර්‍යන් ඉටු කිරීමට තියන හැකියාවයි.
  7. මෙමගින් Devices 10 ක් දක්වා Connection එක ලබාදීමේ හැකියාවද හිමිවනු ඇත.

 

 

ඉතින් තව තොරතුරු ඕනේ නම් වහාම අපිව මේ ලින්ක් එකෙන් Contact කරගන්න හෝ අපේ Hotline එකට කතා කරන්න. Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release, PC Game system requirements, Tech reviews වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබට අවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අප හා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ Email (nuwan@boonfair.lk) එකෙන් අප හා සම්බන්ධ වී අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 

 

 

Call of Duty Black Ops 4

ඔන්න ඉතින් අද මං ඔයාලට කියන්නේ Call of Duty: game Series එකේ අලුත්ම Game එක වන Call of Duty Black Ops 4 ගැන පොඩි විස්තරයක් කියන්නයි.මේ Game එක තමයි COD ලගේ 15 Video game එක වන අතර Black ops series එකේ 5 වෙනි Game එක වේ. Call of Duty Black Ops 4  කියන්නේ නම්  multiplayer first-person shooter ගෙම් එකක් වන අතර මේක නිර්මාණය කරන්නේ Treyarch හා එලිදක්වන්නේ ඔයාල දන්න විදියටම Activisionන්ම තමයි. මෙය ලෝකය පුරා එලිදක්වන්න බලාපොරොත්තු වන්නේ  October 12, 2018, ඒවගේම මෙය   Microsoft Windows, PlayStation 4 and Xbox One හරහා ක්‍රීඩා කිරිමේ හැකියාව  ඔවුන් විසින් ලබා දෙනවා.

මේ game එක අනිත් Call of Duty games වලට වඩා 100% වෙනස් වන අතර ඒ මොකද කියනවා නම් මේකෙ නම් ඔයලා කලින් play කරපු COD games වල වගේ Single player Story line එකක් නම් නෑ.මේකේ ඇතුලත්වන්නේ Multiplayer, Zombies and  Battle royal mode (Blackout). මං පහලින් මේවා ගැන පොඩි  විස්තරයක් කරනම්කෝ.

Multiplayer Stage

Multiplayer game mode එකක් කියන්නෙ එකම game environment එකෙ එක පුද්ගලයෙකුට වඩා සෙල්ලම් කිරිමේ හැකියාවක් තිබීමටයි. එය Local Networking හෝ Internet තුලින් මේ සදහා Players ලා සම්බන්ධීකරනය කරන මාර්ග ලෙස පෙන්වාදිය හැකි අතර අපි බලමු මේ ගේම් එකේ  කොහොමද මේ feature එක use කරන්නේ කියලා.  Call of Duty Black Ops 4 multiplayer හී එනවා ඔවුන්ටම අදාල ඉතාම විශිෂ්ට හැකියාවන් තියන unique soldier characters කිහිපයක්. මෙහිදී Soldier characters 10 ක් මේ ගේම් එකේදි ඔයාලට හමුවෙනවා. එයින් හදෙනෙක්ම (Ruin, Prophet, Battery, Seraph, Nomad, Firebreak) Black Ops 3 එකේ ඉන්න Soldier characters වන අතර, අනිත් හතරදෙනා (Recon, Ajax, Torque, Crash) නම් මේ ගේම් එකට අලුතෙන් එකතු වන Soldier characters වේ. ඒවගේම මෙහිද තවත් විශේෂ දේවල් කිහිපයක් එකතු කරන්න Treyarch ලා අමතක කරලා නෑ, ඒ තමා දැනට COD series එකෙ තියන වැඩිම ප්‍රේක්ශක ප්‍රතිචාර ඇති Maps, වනරොදවල්, මුඩුක්කු ජනපද, යුධ පිටි හා Nuketowns කිහිපයක්ම මෙහිදී ඔබට දැකගන්න පුලුවන් වේ. ඒවගේම මං දන්වා ඔයලා අඩුම එක Call of Duty game එකක් හරි play කරල තියනව කියලා (එහෙම නැත්තම්  පුලුවන්න් මේ ලින්ක් එකෙන් ඒ ගැන විස්තර දැනගන්න ) ඒ එකකවත් ඔයාට Health level එකක් දැකගන්න ලැබෙන්නේ නෑ නමුත් මේ ගේම් එකේදි නම් ඔයාට ඔයාට Auto healing feature එක ලැබෙනේ නෑ, ඒ වෙනුවට manually තමා character health එක increase කරන්න වෙන්නේ. මෙහි තවත් විශේෂ දෙයක් තමයි character wise weapons තියන අතරම ඒවා Customize කිරීමේ හැකියාවද මෙහිදී හිමිවේ.

Zombies Stage (අවතාර)

අවතාර එක්ක Multiplayer සෙල්ලම් කරන එක නම් ඉතින් COD ගහපු අයට Simple දෙයක්නේ ඉතින් මේ ගේම් එකෙත් අවතාර එහෙම නැත්තම් Zombies ලා එක්ක සටන් කරන්න වෙනම Stage එකක් තියනවා.මෙහිදී මං ඉහතදී කියුවානේ මතක ඇති Solider characters වලට වෙන වෙනම Abilities හා Weapon Customization තියනවා කියල ඒවගේම Zombie stage එක සෙල්ලම් කරන කෙනාට ඕනේ විදියට නිර්මාණය කරගැනීමේ හැකියාවද හිමි වෙලා තියනවා. ඒ සදහා වෙන වෙනම Variables 100 කට අධික ප්‍රමාණයක් මෙහි අන්තර්ගතවනවා. ඒවා කිහිපයක් නම්,  overall difficulty, Zombies වල වේගය, mission වල කාලය වැනී බොහෝ දේ ඔබට මෙහිදි සෙල්ලම් කිරීමට හිමි වේ.

Black Ops 4 තමයි පලවෙනි ගෙම් එක Zombies stories 2 ක් තියන  COD series එකේ.

  1. “Voyage of Despair” – ඔයාලට සෙල්ලම් කරන්න වෙනවා Zombies එක්ක Titanic වල හා පැරණී රෝමයේ,
  2. “Blood of the Dead” – Ops ii එකේ අපිට හම්බෙන  Alcatraz Federal Penitentiary එකට Zombies එක්ක සටන් කරන්න.

Blackout

තවත් මේ ගේම් එකේ එන Stage එකක් තමයි Battle royal කියන්නේ එහෙම නැත්තම් Blackout මෙක ඇත්තටම කියුවොත් campaign mode එකක්. මෙම Stage එක තමයි  දැනට COD title එකේ විශාලම  Campaign map එකට හිමිකම් කියන්නෙ, මෙහිදී  Playerට වෙනවා වෙන වෙනම COD Black ops series එකේ තිබුනු Locations වල Campaign වලට මුහුණ දෙන්න. දැනට ආව COD games වල Air vehicles එහෙම නැත්තම් ගුවන්යානා පැදවීමේ හැකියාව හිමි නොවුනත් මෙහිදී එයද ලබා දීමට මමේ ගේම් එක නිර්මාණකරුවන් කටයුතු කරල තියනවා. ඒවගේම මෙහිදී පැරණි COD Black ops series එකේ අපී ආදරේ කරපු Characters වන පලමු ගේම් එකේ හිටපු  Alex Mason,   Black Ops II එකේේ හිටිය Raul Menendez, Zombies එකේ හිටිය Primis crew වගේ  Charactors ලා එඑක්ක මේ ගේම් එක playකිරිමේ හැකියාව ඔවුන් විසින් ලබා දීලා තියාන්වා.

ඉතින් ඔන්න COD series එකේ අලුත්ම එඑන්න තියන ගේම් එක අනිවාර්යෙන්ම මේකත් ඉතා විශාල ප්‍රතිචාර හිමිකරගන්න Game එකක් කියල නම් මට කියන්න පුලුවන්.

ඔන්න මං තව විශේෂ දෙයක් දෙන්නවා ඒ තමා  Call of Duty Black Ops 4 Minimum System requirement බලන්න ඔයාගේ PC එකේ මේක ගහන්න පපුලුවන්ද කියලා.

Minimum requirement Predicted Requirements
Intel CPU Core i5-6400 2.7GHz Core i5-6600K 3.5GHz
AMD CPU Ryzen R5 1400 Ryzen R5 1600X
Nvidia Graphics Card GeForce GTX 660 GeForce GTX 1060
AMD Graphics Card Radeon HD 7850 Radeon RX 580 8GB
VRAM 2GB 6GB
RAM 8GB 12GB
OS Win 7 64bit Win 10 64bit
Direct X DX 11 DX 11
HDD Space 90GB 90GB

Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබට අවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අප හා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ Email (nuwan@boonfair.lk) එකෙන් අප හා සම්බන්ධ වී අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 


Best selling Products in Boonfair

Prison Break නැවතත් – Prison break Season 6

Prison break Season 6

ඔන්න ඉතින් අද මේ කියන්නෙඔයාලා වගෙම අපෙ රටේවැඩිම පිරිසක් බලලා තියන TV Series එක ගගැන පොඩි විස්තරයක් දෙන්නයි. ඔයාල දන්නවනේ මං මේ කියන්න යන්නෙ Prison break අලුත්ම season එකගැන එහෙම නැත්තම් Prison Break season 6 එක ගැන. දැන් ඔයාල මට බනිනවා ඇතී මේ මනුස්සයා කියන්නෙ බොරුවක් කියලා මොකද මං මේ News එක දැනගත්තාමත් එහෙම හිතුවනේ, :p :p

එහෙම හිතන එකේ වැද්දකුත් නෑ මොකද ඔයලා Season 5 බැලුවනම් (බැලුවේ නැතම් මේ ලින්ක් එකෙන් ලබාගන්න පුලුවන්) ඔයාලට මතක ඇති Michael Scofield (Wentworth Miller) සියලු වැරදි වලින් නිදහස්වෙලා තමන්ගේ ආදරණීය පවුලට එකතු වෙනවා.

ඇත්තටම Prison Break S 06 එනවද ? ඔව්, 2018 ජනවාරි මාසයේදි Michael Thorn (FOX Official) කියුවේ දැනටමත් Season Development එකෙ මුල් අදියර පටන් අරගෙන තියනවා කියලා. ඒවගේමම ජනවාරි වල Miller media වලට කියලා තියනවා දැන්ම Story එක ගැන කියන්න බෑ නමුත්,

  • Michael and Sara’s son Mike Jr. (Christian Michael Cooper) කතාංගයේ  ඉතා ලොකු කොටසක් ඉටුකරනවා
  • බොහෝවිට පරණ Crew එකම මේ Season එඑකෙත් දැක ගැනීමට හැකිවන බවඔහු කියනවා.

Prison Break කතාව කුමක් වෙයිද ?

මං ඉහතින්පැහැදිලි කරා වගේ S05 එකේ Last episode එකේ Michael Scofield ට නිදහස ලබා දෙන්න කටයුතු කරන CIA agent Poseidon (Mark Feuerstein) විසින් ඒ අවස්ථාවේදීම Michael ට CIA එකට එකතු වෙලා ඔහුගේ කුසලතාවලින් ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලීමක් කරනවා, නමුත්ඔයාලට මතක ඇතී Scofiled ඒ යයෝෝජනාව ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ. ඒකට හේතුව තමයි ඔහුට ඔහුගේ පවුල එක්ක කාලය ගත කිරීමේ අවස්ථාව ලබාගන්න.

මේ කතාවේ S01 සිට කතෘ වන Paul T. Scheuring විසින් කියන්නේ මේ කතාංගය (Season එක) ඒ ස්ථානයෙන් ආරම්භ වී, Michael මේ යෝජනාව බාරගැනීමට කටයුතු කිරිම තුලින් ඉන් ඉදිරියට යයයි කියලා. ඒ වගේම FOX TCA session එකෙන්කියලා තියනවා මේ Season එක නම් S05 වගේ Short story එකකනොවන්නට බබොහෝවිට ඉඩතියන බවයි.

 

Prison Break season 6 release date කවදා වෙයිද ?

Bad news එක තමයි, Prison break release කරන්න නම් තව ටිකක් කල් යන්වා.  2018 මාර්තු වල, Paul Scheuring කියනවා  ඔහු දැනටමත් පලවෙනි Episode එක ලියලා ඉවරයි කියල, නමුත් ප්‍රශ්නේ තියෙනේ Shooting  වල නිසා 2019 මුල් බාගය වෙනකල් මේක එලියට එන්නේ නෑ කියලයි කියන්නෙ .

Prison Break season 6 Crew ?

Prison break Season 6 crew

  • Wentworth Miller (Michael Scofield)
  • Dominic Purcell (Lincoln Burrows)
  • Sarah Wayne Callies (Sara Tancredi-Scofield)
  • Rockmond Dunbar (C-Note)
  • Robert Knepper (T-Bag)
  • Amaury Nolasco (Sucre)
  • Inbar Lavi (Sheba)

ඉතින් මං දන්නවා ඔයාල කැමතී Prison break Season එකක් අයේම එන එකට. අපි තව ටික කාලයක් බලගෙන ඉමු, මොනවා උනත් Season 6 එකත් කලින් Season 5 වගේම හිතාගන්න බැරි Breakout එකක් වෙන එක කියන්න දෙයක් නෑ. Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබට අවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අප හා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ Email (nuwan@boonfair.lk) එකෙන් අප හා සම්බන්ධ වී අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 


Best selling Products in Boonfair